දෙවන වර්ගයේ දියවැඩියාව

බොහෝ දෙනෙක් දෙවෙනි වර්ගයේ දියවැඩියාව ඇතිබවට දැනුවත් නොවේ. එසේ වන්නේ මෙම රෝගයේ රෝග ලක්ෂණ ඔබව අසනීප ගතියක් පෙන්නුම් නොකරන නිසාය. දෙවෙනි වර්ගයේ දියවැඩියාවේ රෝග ලක්ෂණ නම්:

  • විශේෂයෙන් රාත්‍රියේදී සාමාන්‍ය පමණට වඩා මුත්‍රා කිරීම
  • සෑම විටම පිපාසය දැනීම
  • ඉතා වෙහෙස දැනීම
  • උත්සහ නොකරම බර අඩුවීම
  • ඔබේ ශිෂ්ණය වටා හෝ යාේනිය වටා ඇතිවන කැසීම, හෝ නැවත නැවත thrush ඇතිවීම
  • කැපීම් හෝ තුවාල සුවවීමට වැඩි කාලයක් ගතවීම
  • බොඳ වී පෙනීම

ඔබට දෙවෙනි වර්ගයේ දියවැඩියාව වර්ධනය වීමේ ඇති අවදානම වැඩිවේ ඔබ:

  • අවුරුදු 40 වැඩි - හෝ දකුණු ආසියාතිකයන් සඳහා අවුරුදු 25
  • දියවැඩියාව ඇති සමීපතම ඥාතියෙකු සිටීම - දෙමව්පිය, සහෝදරයා හෝ සහෝදරිය වැනි
  • අධිබර හෝ තරබාරු
  • ඔබ එක්සත් රාජධානියේ ඉපදුණත් ඔබ, දකුණු ආසියාතික, චීන, අප්‍රිකානු කැරිබියන් හෝ කළු අප්‍රිකානු සම්භවයකින් යුක්ත නම්